Sati Pasala

සති පාසල දෙමාපිය හමුව

Zoom තාක්ෂණයෙන් සම්බන්ධ වීමට පහත සබැඳිය භාවිතා කරන්න
https://us02web.zoom.us/j/84383424714
රැස්වීම් අංකය: 843 8342 4714
මුරපදය: මුරපදයක් නොමැත
සාකච්ඡාවට අදාළ ගැටලු ඉදිරිපත් කිරීම සදහා පහත google form එක හෝ email ලිපිනය භාවිතා කරන්න.
Google Form: https://forms.gle/CEen74D2M9UA8bQt5
විද්‍යුත් තැපෑල ලිපිනය: spparentsforum@gmail.com

කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු – (3 වෙනි ලිපිය)

කොරෝනාවෙන් ලැබුණු විවේකය සතිමත්ව ගත කරන්නේ කොහොමද?
අදත් ඔයාලව මුණගැහෙන්න ආවා. හැබැයි අද නම් ආවේ වැඩියෙන්ම දුල පුතාලව මුන ගැහෙන්නයි.
ඉතින් කොහොමද නිවාඩු කාලේ. කොරෝනා නිසා බයෙන් ඉන්නේ කියන්න එපා. අපි හැමෝම ගෙවල් ඇතුලට වෙලා ස්වයං නිරෝධායනයට උදව් වෙනවා නම් බය වෙන්න දෙයක් නැහැ. එහෙම නේද? නීති පිළිපදිමු. එතකොට බයවෙන්න දෙයක් නැහැ.
ඒත් එක දෙයක් මට හිතා ගන්න පුළුවන්. ගොඩක් කම්මැලිකමෙන් නේද ඉන්නේ.

කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු – (2 වෙනි ලිපිය)

කොරෝනාවෙන් ලැබුණු විවේකය සතිමත්ව ගත කරන්නේ කොහොමද?
එන්නම් කියල ගියා වගේම අදත් ආවා.
කවුදෝ සටහනක් ලියල තිබුනා, Facebook එකේ එල්ලිලා ඉන්නේ නැතුව අල බතල ටිකක්වත් හිටවන්න කියල. මටත් හිතුනා ඒක නම් හොඳ අදහසක් කියල. Facebook එක නරක නිසා නෙමෙයි. නමුත් ඊට වඩා අල බතල හිටවන එක හොඳ නිසා.

Sati Pasala – Melbourne at Dhamma Sarana Vihara: Session Report – January 2020

Session: Special Sati Pasala session on Saturday 18 January 2020 guided by the Most Venerable Udaeriyagama Dhammajiva Maha Thero

Participation: Approximately 250 children from across all Sati Pasala centres in Victoria

[S1] Understanding Mindfulness: Hole in the Road
A short video clip titled “Hole in the Road” demonstrated the emotional holes or stressful situations the mind repeatedly falls into, due to lack of awareness of the habits of the mind. A young presenter discussed with the children on developing increased awareness of the habits of the mind, in order to avoid falling into such emotional holes or stressful situations. Venerable Bhante provided further insight into cultivating mindfulness in day to day activities.

ආයුබෝවන් / Ayubovan

ලොවේ පවතින සියලු වෛරසයින්ගෙන් අත් මිදීම සඳහා ලොවේ දැනට වැඩි ලෙස සිදු කරන අචාර කිරීමේ පිළිවෙත් වන “ආලම්බනය සහ අතට අත දීම” වෙනුවට ලංකාවේ සිදු කරන අචාර ක්‍රමය වන “ආයුබෝවන්” කීම කාලෝචිත වන බව සති පාසල ඔබට සතුටෙන් ප්‍රකාශ කරමු.
“ආයුබෝවන්” යන්නෙහි තේරුම “ඔබ දිගු කල් වැජබේවා” යන්නයි.
මෙම අචාර කිරීමේ ක්‍රමය හැම දේශයකම කල හැකි සවුක්‍ය සම්පන්න සහිත හද පතුලෙන් කරන සුභාශින්ෂණයකි.
සති පාසලේ ළමයින් වන අපි සතියෙන් “ආයුබෝවන් ” කියමින් ආදර්ශමත් වෙමු.
ආයුබෝවන් කිරීමේ ක්‍රම වේදය පහත පින්තුර වලින් දැක ගන්න.
The Sathi Pasala, Sri Lanka will be announced that it is time to use the healthy gesture we use in Sri Lanka for greetings as “Ayubovan” instead of “Hugging and Hand shakes” which are the most used greetings in the world. It is very good suggestion for prevention from viruses in all kind.
“AYUBOVAN” means “May you have long Life”.
This is the very healthy greeting with a heartfelt blessing of good luck, giving good vibrations to the whole world.
We, The Sati Pasala children be an exemplify team to say “Ayobovan” mindfully.
Here’s how to say “AYOBOVAN” in pictures.